සිහල දෙසඹර සරා සඳ සේ
දිලී විදු ලොව වෙමින් සිළුමිණ
දිනේ විදුහල් මව්නි කොස්වතු
සදා ලබමින් අපේ ආසිරි...........//
අවට ගස්වල නෙරළු සිරසින්
කැලෑ මල්වල සුවඳ පහසින්
මත් කුරුළු කියූ ගීත විලසින්
ඔබ සොයා එනවා ගුණ කියා යනවා .........//
අපේ රට දැය අපේ රුධිරය
අපේ ජිවය අපේ හදවත පන පොවන්නේ ඔබේ පහසයි
ඔබේ ගුණ ගයමු සදා ඔබ පුදමු ......//
ඔබෙන් ලත් දෙය ගමට දෙන්නෙමු
ඔබෙන් ලත් දෙය රටට දෙන්නෙමු
ඔබේ නම දස අත තබන්නෙමු
ඔබේ ගුණ ගයමු සදා ඔබ පුදමු
ගමට පමණක් නොවේ රටටම
රටට පමණක් නොවේ ලොවටම
වැඩ කරන්නට සමත් දරුවන් ඔබෙන් බිහි වේවා
ඔබෙන් බිහි වේවා ......//
පද රචනය හා තනුව
ජි.එච් .එම්.ඒ.පෙරේරා මැතිණිය





