පාසලේ ඉතිහාසය

නිවාසාන්තර ක්‍රීඩා හමුව

අපේ ශිෂ්‍ය නායක දිනය

WhatsAppImage2023-10-25at124841AM.jpeg
WhatsAppImage2023-10-25at124841AM.jpeg

ගම්බද ප්‍රදේශයක සොභාව සෞන්දර්ය මධ්‍යයේ  පිහිටි සුන්දර පාසලකි.

වර්ෂයේ 1933  කොස්වත්ත ගම්මානයේ පැරණි ගොඩනැගිල්ලක  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එච්.එම්.යූ බණ්ඩා තුමන්  සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ජේ.ඩී.අබේරත්න සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.  ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය.   පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය.එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

 විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්,  ප්‍රථමාධාර ඒකකය , , විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 22ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය10කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී"ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

ආරම්භ කළ වර්ෂය

1933 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

එච්.එම්.යූ.බණ්ඩා 

පාසලේ ආදි කතෘගේ නම

   -

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කු/කොස්වත්ත විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

   -

පාසල රජයට පවරාගත් දිනය

   -

පාසල පැවැත්වූ ස්ථානය

කොස්වත්ත උඩගම

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ජේ.ඩි. අබේරත්න

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

   -

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1933